දෙපාර්තමේන්තු පසුබිම සහ අරමුණු

වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව 1987 වර්ෂයේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ස්ථාපිත කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වයඹ පළාතේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය නගා සිටුවීමයි.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයන්:

  • ග්‍රාම සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය.
  • කාන්තා මධ්‍යස්ථාන හරහා කාන්තාවන් වෘත්තීයමය වශයෙන් පුහුණු කිරීම.
  • ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • ස්වයං රැකියා සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීම.

සංවිධාන ව්‍යුහය:

පළාත් අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් නිලධාරීන් කණ්ඩායමක් මහජන සේවය සඳහා කැපවී සිටී.

Crafts