දෙපාර්තමේන්තු පසුබිම
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ 1987 වර්ෂයේදී පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් සමඟ ග්‍රාම සංවර්ධන විෂයය හා ඒ ආශ්රිත වගකීම් පළාත් සභාවන් වෙත පැවරිණි. ඒ අනුව වයඹ පළාතේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී.
2016.11.29 දින අනුමත කරන ලද සහ 2017.12.11 දිනැති අංක 2049/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද වයඹ පළාත් ග්‍රාම සංවර්ධන ප්රඥප්තිය (Statute) මගින් මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සඳහා නෛතික පදනම සපයනු ලැබේ.
ප්‍රධාන කාර්යභාරයන්:
- ග්‍රාම සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම සහ නිලධාරීන් පුහුණු කිරීම.
- කාන්තා මධ්‍යස්ථාන හරහා කාන්තාවන් වෘත්තීයමය වශයෙන් බල ගැන්වීම.
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය දායකත්වය.
- පළාත් සභාවේ ප්‍රතිපත්ති ගමට ගෙන යාම සහ මහජන ගැටළු විසඳීම.
දැක්ම සහ මෙහෙවර
දැක්ම:
"ගමට නවෝදයක් - යහපත් සමාජයක්"
මෙහෙවර:
- ප්‍රජා ශ්‍රමය, හැකියාවන් සහ කුසලතා උපරිම ලෙස උපයෝගී කර ගැනීම.
- නව තාක්ෂණික දැනුම සහ යටිතල පහසුකම් සාධාරණව ප්‍රජාව වෙත ලබා දීම.
- තරුණ පරපුරේ කුසලතා සංවර්ධනය කර ඔවුන් ආදායම් උත්පාදන මාවත් වෙත යොමු කිරීම.
- පරිසර හිතකාමී සෞභාග්‍යමත් ගම්මාන නිර්මාණය කිරීම.
- ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික, සමාජීය හා සංස්කෘතික දියුණුව මගින් ජාතික සංවර්ධනයට දායක වීම.





